Bedda Pura Sudu Redda Wage Ada
Bedda Pura Sudu Redda Wage Ada
Amitha Wedisinghe
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි
යස ඉද්ද පනා මල් කැන් පිලිලා …//
සද්දේ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද කනේයියනි රොන් ඇදිලා ..//
බැද්දට මල් මරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද..//
පාර වටේ ඇති සේරම ගස්
සරුසාර හැඩයි ගෙඩි හට ගැනිලා..//
පේර දීබුල් පලු වීර ඉදී එන
වාරේ වගෙයි මේ පැණි පිරිලා ..//
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැණි වැස්සට තෙමිලද..//
රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීණු හඩ්න් රස ගී ගයලා ..//
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකි නටලා .//
බැද්දට ගී වරුසාවක් වැහැලද…
ගී පොද මේ හොට අස්සට පෙරිලද…//